ශ්‍රී ලංකාවේ තරුණියන් මැද පෙරදිග ගෘහසේවිකාවන් ලෙස යැවීම නතර කරීමට හැකි වන සේ නීති සම්පාදනය කරන්නැයි ඉල්ලන පෙත්සමකට මුතූර්හිදී අත්සන් ගැනේ. සෞදි අරාබියේදී මරා දැමුණු රිසානා නෆීක්ගේ ගම පිහිටියේ ද මූතූර්හිය.
ඉරිදා වන විට මුස්ලිම් කාන්තාවෝ උනන්දුවෙන් ඊට අත්සන් කරති.
බාලවයස්කාරියක වූ රිසානා සෞදියේ රැකියාවට යවා ඇත්තේ ව්‍යජ උප්පැන්න සහතිකයක් මගිනි. ඇයගේ වයස අවුරුදු හයකින් වැඩි කළ තැරැව්කරුවෝ දෙදෙනෙක් ඊට වැරදිකරුවෝ වූහ.

