‘තරුණයින්ගේ ප්‍රකාශ පරස්පරයි‘


අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට අයත් ජිප් රථයක් වැලිකඩ දී යතුරු පැදියක ගැටී සිදු වු අනතුර සම්බන්ධයෙන් තරුණයින් පොලිසියට කළ මුල් පැමිණිල්ල දින හතරකට පසු වෙනස් වීම පිළිබඳව  විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස  ඉල්ලා නීතිඥ සාමුහිකයේ සමාජික ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ නාමල් රාජපක්ෂ මහතා ඉරිදා (6) පොලිස්පතිවරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

සිද්ධියට අදාල සී සී ටී වී කැමරා දර්ශන පරීක්ෂාකර  බලන ලෙස ද ඒ මහතා සිය ලිපිය මගින් ඉල්ලා ඇත.

විපක්ෂයේ දේශපාලනඥයින් දෙදෙනකු  තරුණයින්ට මුදල් ලබා දෙමින් හා විදේශ රැකියා ලබා දෙන බවට පොරොන්දු වෙමින්  ඔහුන් මෙහෙයවන බවට  එහි සදහන්වේ.

 පැමිණිල්ල බාර දීමෙන් අනතුරු මාධ්‍යවෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.

‘ඉකුත් 29 දින රාජගිරියේ සිදු වු අනතුර සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියට පැමිණ  ගිය තරුණයින්  කළ මුල් ප‍්‍රකාශයට පරස්පරව දින හතරකට පසු තවත් ප‍්‍රකාශයක් ලබා දී තිබෙනවා. එය පිළිගන්න බැහැ. ඇන්ජින් ධාරිතාව 1000 කින් යුත් මෙම යතුරුපැදිය  ජිප් රථ වම්පස පිටුපස ගැටී තිබෙනවා. ජිප් රථය අධික වේගයෙන් පැමිණි බවට කිසිදු තිරංග සලකුණක් නොමැති බවට පැහැදිලියි. එම අනතුරේ දී යතුරුපැදිකරු වරදකරු බව අපේ මතයයි.‘

champika201637125 champika201637125-2