‘තරුණ ප්‍රඥප්තියක් ගේනවා‘


මෙවර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සමුළුවේදී ශ්‍රී ලංකාවට නව ජාතික තරුණ ප්‍රඥප්තියක් ඇති කිරීමට බලාපොරොත්තුවන බව සමාජවාදී තරුණ සංගමයේ කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික බිමල් රත්නායක මහතා පැවසීය.

අද බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී එසේ කී රත්නායක මහතා තරුණ තරුණියන්ගේ විරැකියා ගැටළුවට විසඳුමක් ලබාගැනීමටත්, ආරක්ෂාව තහවුරු කරගැනීමටත්, ජීවිත හැඩගස්වා ගැනීමටත් අවශ්‍ය ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමට තරුණ ප්‍රඥප්තිය යොදාගන්නා බව කීවේය.