‘තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න‘


පෞද්ගලික ප්‍රශ්න ජාතිවාදය වැපිරවීමට යොදා නොගන්නැයි ආගමික සමුළුව සියලු දෙනාගෙන් ඉල්ලයි.

නාරාහේන්පිට අභයාරාමයේ පැවැති  සමුළුවට ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනාහිමි ද, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ද, මාදුළුවාවේ සෝභිත, තීනියාවල පාලිත, නාගොඩ අමරවංශ, මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිවරු ද සහභාගී වූහ.

අලුත්ගම සිද්ධිය ගැන කණගාටු වන බවත්, සියලු පාර්ශ්ව වගකීමෙන් ක්‍රියා කළ යුතු බවත්, සිද්ධිය සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලන බවත් සමුළුවේ නියෝජිතයෝ කීහ.