‘ඩොලර්වලට ගන්න පුළුවන් අය තවත් නෑ‘


පවුම්වලට හෝ ඩොලර්වලින් මිලට ගත හැකි අය තවත් තම ඇමැති මණ්ඩලයේ නැතැයි මහින්ද රාජපක්ෂ ජනපති මාතර දී ප්‍රකාශ කළේය.

ඇමැති ලක්ෂමන් යාපා අබේවර්ධන මහතාගේ දේශපාලන ජීවිතයට වසර 25ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේ දී ජනපති එසේ කීවේය.

‘විදේශ බලවේගවලට අවශ්‍ය පිට කොන්දක් නැති මිනිසුන් නායකත්වයට පත් කර ගැනීමයි. ඔවුන් ගහන ගහන බෙර පදයට නටන අය පත් කර ගැනීමයි.

ජනතාව එවැනි දේ අනුමත කරන්නේ නෑ. කවුරුන් ආවත් මා පරාජය කිරීම ලේසි නෑ. පිරිසක් මා හේග් යුද්ධාධිකරණයට ගෙන යන්න හදනවා. ඔවුනට මා කියන්න කැමතියි හොල්මනට බය නම් සොහොනේ ගෙවල් නොහදන බව.‘

SAM_2654 SAM_2656 SAM_2689 SAM_2690 SAM_2691 SAM_2693