ඩුබායි මැරියට් හෝටලයේ අයිතියක් තමාට නැතැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපති නිවේදනයක් නිකුත් කරමින් කියයි.
ඇමෙරිකා ඩොලර් කෝටි 4.8ක් (රුපියල් කෝටි 634.03) හා ඇමෙරිකා ඩොලර් කෝටි 19ක් (රුපියල් කෝටි 2509.71) වානේ සංස්ථාවේ ද, ඩුබායි මැරයන් හෝටලයේ ද ආයෝජනය කළ සැබෑ අයිතිකරු තමා බවට පොලිස් මූල්‍ය අපරාධ ඒකකය කියතියි ද, එය තමාට එරෙහි බොරු ප්‍රචාරයේ සූක්ෂ්ම බොරු ප්‍රචාරයකියි ද රාජපක්ෂ මහතා පවසයි.
නන්දන ලොකු විතාන නම් පුද්ගලයකු ඒ නමින් එම හෝටලයේ කොටස් ගෙන ඇත්තේ තමා බව හැඟෙන ආකාරයෙන් මහ ඡන්දයක් ආසන්නයේ ගෙන යන මේ ප්‍රචාරය විරුද්ධවාදීන්ට උඩගෙඩිදීමකියි ද හිටපු ජනපති කියයි.

