ගාල්ල, කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවක් ඉදිරි කිරීම වෙනුවෙන් මූල්‍යාධාර ලබාගැනීම සඳහා සිදුකෙරෙන ‘ට්‍රේල්‘ පාගමන අද (26) ගාලු මුවදොර ක්‍රීඩාංගණයෙන් ඇරඹී මොරටුව දක්වා ගියේය.
පසුගිය 6 වැනිදා යාපනයේ පේදුරුතුඩුවෙන් ඇරැඹි මේ පාගමන නොවැම්බර් 2 වැනිදා මාතර දෙවුන්දරතුඩුවෙන් අවසන් කිරීමට නියමිතය.
මේ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන අදත් පාගමනට එක්ව සිටියහ.
අද පාගමන සඳහා කලාකරුවෝ හා දේශපාලනඥයෝ පිරිසක් ද එක්ව සිටියහ.