ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තවදුරටත් බුද්ධරක්ඛිත, සෝමාරාම පරපුරට අයත් නොවන බව රටේ ජනතාව දැනගත යුතු යැයිද උන්වහන්සේ එදා ගියේ යුක්තිය ඉල්ලා කෑ ගැසීමට යැයිද උන්වහන්සේට වැටහුණේ එපමණක් යැයිද හිටපු මන්ත්‍රී හා ශාන්ති පදනමේ නිර්මාතෘ කොටපොල අමරකිත්ති හිමියෝ කියති.
රනිල් වික්‍රමසිංහ අගමැති බුද්ධරක්ඛිත හා සෝමාරාමලා ගැන පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය අනුමත නොකරන බවත් ඒ හිමියෝ කියති. රටට අපකීර්තියක් ගෙන දුන් බුද්ධරක්ඛිත හා සෝමාරාමලාගේ පරපුරේ කෙනකු ලෙස ඥානසාර හිමියන් සැලකිය නොහැකි බවත් ඒ හිමියෝ කියති.
‘දෑ හිතකාමී වේදනාවෙන් කෑ ගසන කෙනකුත් රටේ අගමැතිවරයා ඝාතනය කළ කෙනෙකුත් අතර ඇත්තේ අහසට පොළව මෙන් මහා පරතරයකි. එහෙත් අපේ අගමැතිතුමා මේ දෙක පටලවාගෙන ඇත‘ යැයිද උන්වහන්සේ කියති.

