‘ජී ඇල් ගැන තීන්දුව ශ්‍රීලනිප මහ ලේකම්ගෙන්‘


ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු ලෙස සිටිමින් වෙනත් පක්ෂයක සාමාජිකයකු ලෙස කටයුතු කළ නොහැකියැයි ද, අලුතින් පිහිටැවූ පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ පක්ෂ සාමාජිකත්වය ගැන ශ්‍රීලනිප ප්‍රධාන ලේකම්වරයා සහ මධ්‍යම කාරක සභාව මගින් තීන්දුවක් ගනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ සභාපතීත්වය යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් නව පක්ෂයක්  ලියාපංදිචි කිරීම සම්බන්ධයෙන් අද (3) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.