‘ජිනීවා සමුළුවට බය නෑ‘


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවේදී ලබන මාර්තු මාසයේදී කුමන යෝජනා ඉදිරිපත් වුවත් ඒ සියල්ලටම සාර්ථකව මුහුණ දීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇතැයි ඇමැති මහින්ද සමරසිංහ මහතා බදුරලියේදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවට එරෙහිව එහිදී මතුවන යෝජනා හා සාකච්ඡා වලදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිළිතුරු දීමට සමරසිංහ මහතා මෙවරද එහි යනු ඇතැයි අපේක්ෂා කෙරේ.