එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා මානව හිමිකම් සමුළුව සමීප වන විට එතෙර බෙදුම්වාදී දෙමළ සංවිධාන ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්ති නාමය පළුදු කිරීම සඳහා පදනම් විරහිත අස්ථාන චෝදනා ඉදිරිපත් කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියයි.
ඔහු එසේ කියනුයේ බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියේ අලුත්ම විකාශනයක් සම්බන්ධයෙනි.
කොටි නායක ප්‍රභාකරන්ගේ බාල පුතා පණ පිටින් සිටින පින්තූර ද, මළ පසු පින්තූර ද විකාශනය කරමින් බොරු චෝදනා ඉදිරිපත් කරන බව ඔහු කියයි.
බොරු, බාගෙට බොරු, දූෂමාන ආරංචි හා කටකතා මගින් හමුදාවට එරෙහි ප්‍රචාර ගෙන යන බවත්, මෙවැනි පදනම් විරහිත චෝදනා නොනගා සාක්කි ඇත්නම් කළ යුතු වන්නේ රජයට හෝ හමුදාවට ඒවා ඉදිරිපත් කිරීම බවත්, පිළිගත හැකි සාක්කි අනුව එසේ කරන්නේ නම් ඒ ගැන පරීක්ෂණ පවත්වන බව ද ඔහු කියයි.