‘ජාතිවාදයට ලංකාවෙ ඉඩක් නෑ‘


ජාතිවාදය හා ආගම්වාදය පැතිරවීමට ශ්‍රී ලංකාවේ කිසිවකුටත් ඉඩක් නැතැයි ද එසේ කරන්නවුන් රට බෙදීමට උඩ ගෙඩි දෙන්නවුන් බව සැළකිය හැකි යැයි ද, එදා මෙන් අදත්, අද මෙන් හෙටත් සිංහල දෙමළ, මුස්ලිම් ජනයා මේ රටේ එකට ජීවත් විය යුතු යැයි මහින් රාජපක්ෂ ජනපති ත්‍රිකුණාමලයේ නිදහස් උළෙල අමතමින් ප්‍රකාශ කළේය. සිංහලෙන් හා දෙමළෙන් මිනිත්තු 18ක් පුරා කතා කළ ජනපති අවධාරණය කළේ දිනාගත් නිදහස රැක ගැනීමේ වැදගත් කමයි. ජාතියක් වශයෙන් සියලු දෙනා එකට එක්වී ඉදිරියට යෑම ගැනයි.

ජාතීන් අනුව රට බෙදා ගැනීම ප්‍රායෝගික නොවන බවත් සියලු දෙනා සමාන අයිතිවාසිකම් ඇතිව ජීවත් විය යුතු බවත් ජනපති ප්‍රකාශ කළේය.

දිනාගත් නිදහස රැක ගැනීමේ අයිතිය රජයට පමණක් නොව විපක්ෂයට ද ඇතැයි කී ජනපති නිදහසේ මහිමය පෙන්වීම සඳහා කැටකිරිල්ලගේ කතාව බුද්ධ දේශනයෙන් උපුටා දැක්වීය.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජිකයකු ඊට ගරු කරන බවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටක් ලෙස එම සංවිධානය සමග ගෞරවාන්විත රටක් ලෙස ක්‍රියා කිරීමේ අයිතිය ශ්‍රී ලංකාවට ඇතැයි ද ජනපති පැවැසීය.

(සුදත් සිල්වා- ත්‍රිකුණාමලය)

(අමදෝරු අමරජීව - ත්‍රිකුණාමලය)

(සිතුම් චතුරංග - වව්නියා)

(ක්‍රිෂාන් ජීවක ජයරුක්- මාතර)

(ෂෙල්ටන් හෙට්ටිආරච්චි - නුවරඑළිය)