උතුරේ කලබල ඇතැයි පෙන්වමින් ජාතිවාදය ඇවිස්සවීමට ඇතැමුන් බංගලිදේශයේ හමුදාවට පහර දෙන පරණ ඡායාරූප පාවිච්චි කරණ බවත්, ජතිවාදය වපුරන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
යාපනයේ සිසු ඝාතනය ජාතිවාදයට හරවා නොගන්නැයි ඔවුන්ගේ පවුලේ උදවිය පවා ඉල්ලා තිබිය දී ඇතැම්න් මෙවැනි ක්‍රියාකාරකම් කරන්නේ යැයි ද කීවේය.
ඩාලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී ඇමැතිවරයා කීවේ ආවා කල්ලිය ගැන විස්තර තමා නොදන්නා බවයි.
මිය ගිය සිසුවකුට ආවා කණ්ඩායමෙන් තර්ජන තිබූ බවට පොලිසියේ පැමිණිල්ලක් දමා තිබුණා නම් එය විභාග නොකිරීම වැරදි බවත්, මෙවැනි ගැටළු වර්දනය වීමට ද එවැනි හේතු බලපාන්නට ඇති බවත් ඔහු සඳහන් කළේය.
පසුගිය ආණ්ඩුකාලයේ මාධ්‍ය මර්දනයට හා උතුරේ දේශපාලකයන් මර්දනයට ආවා කණ්ඩායම යොදා ගත්තාදැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා සඳන් කළේ එවැන්නක් ගැන තමා නොදන්නා බවයි.