නව වසරට සුබ පැතුම් එක්කරමින් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ජාතියේ ජයග්‍රාහී වසර බවට මෙම වසර පත් කිරීමට සියලු දෙනාට ශක්තිය හා ධෛර්යය ලැබේවායයි ප්‍රාර්ථනය කරයි.
දැඩි අධිෂ්ඨානයෙන් හා ඉවසීමෙන් කටයුතු කර ගොඩනැගූ මාතෘ භූමිය සුරක්ෂිත කොට ලොව දිනීම ලැබූ නව වසරේ ප්‍රාර්ථනාව බවත් ජනපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයේ සඳහන්ය.
එළැඹුණු 2015 වසරට සුබ පැතුම් එක් කරමින් නිදහසේ හා යහපාලනයේ වසර වේවා යයි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන කියයි.
අඳුරු යුගයක අවසානය සනිටුහන් කර නව යුගයක් ඇරඹෙන වසරක් උදාවනු ඇතැයිද සාධාරණ, නීති ගරුක, යුක්තිගරුක සමාජයක් නිර්මාණය වේවායැයිද පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රාර්ථනා කරයි.

