‘ජාතික ගීය දෙමළෙන් බෑ‘ පිවිතුරු හෙළ උරුමය කියයි


ජාතික ගීය දෙමළ බසින් ගැයීමට විරෝධය පළ කරන බව පිවිතුරු හෙල උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිළ මහතා පැවසීය.

එසේ ගායනා කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉඩදී ඇතැයිද එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වැනි වගන්තියට විරුද්ධ යැයිද කියති.

එම වගන්තිය මෙසේය.

‘‘ශ්‍රී ලංකා ජනරජයේ ජාතික ගීය ‘ශ්‍රී ලංකා මාතා‘ ගීය වන්නේය. ජාතික ගීයෙහි පදමාලාව සහ සංගීතය තුන්වන උපලේඛනයෙහි දැක්වෙන්නේය‘‘

1978 අගෝස්තු 31 වැනිදා එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මතවූ දිනයේ සිට 2010 දක්වා ජාතික ගීය උතුරු නැගෙනහිර දෙමළ භාෂාවෙන් ගායනා කෙරිණි.

 

ජාතික ගීය

දෙමළ භාෂාවෙන් ගායනා කරන ජාතික ගීය