‘ජාතික කොඩිය ඔසවනවාට විරුද්ධ නැහැ‘ - විජයකලා


 ශ්‍රී ලංකාවේ ජාතික ධජය එසවීම ගැන තමාගේ කිසිදු අකමැත්තක් නැතැයි ද, ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කිරීමට තමනට හේතුවක් නැතැයි ද වනිතා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කියනීය.

යාපනයේ උත්සවයක දී ජාතික කොඩිය එසවීමට තමාට කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ බවට පැතිර යන කතාවල සත්‍යතාවක් නැතැයි ද ඇය පවසන්නීය.

එම උත්සවයේ දී ජාතික කොඩිය ඔසවන ලෙස තමාට ආරාධනාවක් ලැබුණේ නැතැයි කියන ඇමැතිවරිය බොරු ප්‍රචාර යවා පිරිසක් ජාතිවාදය ඇවිස්සවීමට අර අදින බව ද සඳහන් කරන්නීය.