‘ජාතික ආණ්ඩුවට විරුද්ධයි‘ වෙල්ගම කියයි


ජාතික ආණ්ඩු සංකල්පයට තමා විරුද්ධ බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා කියයි.

කොළඹ පදනම් ආයතනයේ අද (5) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ රැස්වීමේදී ජාතික ආණ්ඩු සංකල්පයට පක්ෂයේ ඒකමතික කැමැත්ත හිමිවු අතර වෙල්ගම මහතා පමණක් ඊට විරුද්ධ විය.  ජනපති මෛත්‍රිපාලි සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.

එහිදී පක්ෂයේ සංවිධාන ජාලය ශක්තිමත් කරන ආකාරය, පක්ෂයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් එජාප රජය හා සම්බන්ධවී අමාත්‍ය ධූර ලබාගැනීම සම්බන්ධවත් සාකච්ඡා කළ බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා කීවේය.

හෙට (6) මහනුවරදී පැවැත්වෙන රැලිය සම්බන්ධයෙන් අනුර ප්‍රියදර්ශන මහතාගෙන් මාධ්‍යවේදීන් විමසුවද ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අද සාකච්ඡා නොකළ බවයි.

_DSC0206 _DSC0207 _DSC0212 _DSC0218 _DSC0227

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

 

වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි