ලංකාවේ එක් දේශපාලන පක්ෂයක් අනෙක් පක්ෂය තලා පෙළා දුර්වල කිරීමේ දේශපාලන සංස්කෘතිය නිසා අප බලාපොරොත්තුවූ පරිදි ශ්‍රී ලංකාවේ ජාතික ආණ්ඩුවක් බිහි කිරීම ලේසි නැතැයි මෛත්‍රිපාල සිරිසේන ජනපති ලන්ඩනයේදී පැවසීය.
මහා බ්‍රිතාන්‍යයේ එක්සත් ජාතික පක්ෂ ශාඛාව ප්‍රමුඛ මෛත්‍රී දිනවීමේ පෙරමුණ අමතමින් ඔහු එසේ කීවේය.
ශ්‍රී ලංකාව එක්සත් කර යළි ගොඩනැගීම සඳහා 2004 සුනාමියේදීත්, 2009 යුද ජයග්‍රණයේදීත්, 2015 පොදු අපේක්ෂක ජයග්‍රහණයේදීත් අවස්ථාව එළැඹුන අතර අපට මුල් අවස්ථා දෙක ගිලිහී ගිය බවත් දැනට ඉතිරිවී ඇත්තේ අවසන් අවස්ථාව බවත් ජනපති කීවේය.
බෙදී ගිය රට එක්සත් කැර වැටී ගිය ආර්ථිකය දියුණු කිරීමට 2015 ජයග්‍රහණය යොදා ගත යුතු බවත් එය මහා මන්දිර හා රාජ ඌෂ්ණය මහා මාළිගා ඉදිකිරීමට නොවන බවත් සිරිසේන මහතා කීවේය.
උතුරේත් දකුණේත් දේශපාලන පක්ෂ ගැටුම්කාරී අවලාද දේශපාලනය නතර කළ යුතු බවද ඔවුන්ගේ ආත්මාර්ථකාමී හා අවස්ථාවාදී ප්‍රතිපත්ති අත් නොහළහොත් තවත් අවුරුදු 10කින් තවත් යුද්ධයක් ඇතිවීම නොවැළැක්විය හැකි යැයිද ජනපති කීවේය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සේවය පත්වී ඇති අසාර්ථකත්වය හා අවමානය පිටු දැක යළි එහි කීර්තිමත් හා විශිෂ්ඨත්වය ඇති කර ගත යුතු යැයි තානාපති හා රාජ තාන්ත්‍රික තනතුරු මිතුරන්ට, නෑදෑයනට හා පන්දම්කාරයන්ට හෝ ඉසුරු සොයා යන්නවුනට හෝ පිටරට සරසවිවලට දරුවන් ඇතුළු කරගන්නවුනට හෝ නොදිය යුතු යැයි කීවේය.
ද්විත්ව පුරවැසි භාවය වෙනුවෙන් ශ්‍රී ලංකාව රුපියල් පන් ලක්ෂයක් අය කිරීම දරාගත නොහැකි යැයි නියෝජිතයෝ කීහ. එය අඩු කළ හැකිදැයි සොයා බලන බව ජනපති කීවේය. එක්සත් ජාතික පක්ෂ ලන්ඩන් ශාඛාවේ සභාපති හර්ෂ කන්නන්ගර මහතා පැවසුවේ ඔහු පොදු අපේක්ෂක වීමටත් පෙර තම කණ්ඩායම ඔවුනට සහයෝගය දැක්වූ බවත්ය.
ශ්‍රි ලංකාවේ මාධ්‍යවේදියකුව සිටි චතුර විද්‍යාරත්න මහතාද කථා කළේය.

