දින සියය තුළ කළ දෙයක් නැතැයි කියා සමහරුන් කීවත් එම ගතවූ කාලය තුළ රටට එරෙහිව ජාත්‍යන්තර වශයෙන් තිබූ අභියෝගය ජයගෙන රටට විශිෂ් ජයග්‍රහණය ලබා දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ දී අද (23) පැවැති සමුළුවක් අමතමින් ඔහු එසේ කීවේය.
‘මිනිහා පණ මදි‘, ‘නායකත්ව ලක්ෂණ නැහැ‘, ‘තනතුරට හරියන්නේ නැහැ‘ ආදී වශයෙන් සමහරු තමන්ට චෝදනා කරන්නේ මෙතෙක් කල් සිටි පාලකයින් සේ විධායකයේ බලතල අනිසි ලෙස භාවිත නොකරන නිසා යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනතාව තමාට බලය දුන්නේ බලතල ඉවත් කිරීමට බැවින් එම බලතල අනිසි ලෙස භාවිත කිරීමට තමන්ට අවශ්‍යතාවයක් නැතැයි ද ජනාධිපතිවරයා කීවේය.
රටට එරෙහි ජාත්‍යන්තර සතුරන් නැති කළා සේම රටේ අභ්‍යන්තර ගැටළු ද විසඳා රට සංවර්ධනය කරන බව ජනාධිපතිවරයා මෙහෙදී වැඩිදුරටත් කියා සිටියේය.





