‘ජවිපේ කටේ පිට්ටු‘


මෙරට තොරතුරු තාක්ෂණ හා නාවික ඉංජිනේරු සේවා සම්පූර්ණයෙන් ඉන්දියාවට ගිල ගැනීමට ඉඩ සළසමින් අත්සන් කිරීමට නියමිත ඉට්කා ගිවිසුම පිළිබඳව එක වචනයක් හෝ කතානොකරන තත්ත්වයට අද ජනතා විමුක්ති පෙරමුණ පත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණ කියයි.

‘‘සීපා ගිවිසුම අත්සන් නොකරන බව පාර්ලිමෙන්තුවේදී පැවසූ අගමැතිවරයා දැන් ඒ වෙනුවට ජූනි මාසයේදී ඉක්ටා නමින් සීපාම අඩංගු ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම් වෙනවා.ඉට්කා ගිවිසුම දෙරටේ රාජ්‍ය නායකයින් අත්සන් කිරීමට නියමිතයි.එසේ ගිවිසුම්ගත වූවායනි පසුව ශ්‍රීලංකාවේ සේවාවන් එකින් එක ඉන්දියාවට විවෘත වීම සිදුවෙනවා.මේක අපේ ආණ්ඩුව හිස් චෙක් පොතක් අත්සන් කරලා කැමති ගණනක් ලියාගන්න කියලා ඉන්දියාවට දෙනවාට සමානයි.‘‘

නාවික ඉංජිනේරු ක්‍ෂේත‍්‍රය ගත්තත් මෙවැනිම අවදානමක් තිබෙනවා. මේ ගිවිසුමත් සමග දනුෂ්කොඩි සිට මන්නාරම දක්වා ‘හනුමන් පාලම’ ඉදි වීමට නියමිතයි. මන්නාරමේ සිට ත‍්‍රිකුණාමලය දක්වා අධිවේගී මාර්ගයක් ද ඉදිකිරීමට නියමිතයි. මේ සියල්ල සමග ත‍්‍රිකුණාමලය වරාය ඉන්දියාවේ වරායක් බවට පත් වේවි. මන්නාරම සිට ත‍්‍රිකුණාමලය අධිවේගී මාර්ගය ඉන්දියානුවන් විසින් පාලනය කරන මාර්ගයක් බවට පත් වෙනවා. එවිට ශ‍්‍රී ලංකාව කොටස් දෙකකට කැඩෙනවා. දැනටමත් ත‍්‍රිකුණාමලය වරායේ විශාල කොටසක් ඉන්දියාව විසින් දීර්ඝ කාලීන බදු පදනම මත අරගෙන තිබෙනවා. නාවික ඉංජිනේරු ක්‍ෂේත‍්‍රයේ විවෘත කිරීමත් සමග මේ සියල්ල තවත් වේගයෙන් සිදු වෙනවා. අවසානයේදී ශ‍්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට පත් වීමත් සිදු වේවි’’

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මෙහොමඩ් මුසම්මිල් මහතා පිටකෝට්ටේ එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී කීය.

MMILMC-0124-01 MMILMC-0124-02