‘ජල සම්පාදනේ ප්‍රසාද දීමනා දියවෙලාලු‘


වසර අවසානයේ තමන්ට හිමිවිය යුතු රුපියල් 37,300 ක ප්‍රසාද දීමනාව රුපියල් 25,000 දක්වා අඩු කිරීමට විරෝධය පාමින් අද (28) ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ සේවක පිරිස වැඩවර්ජනය කළ අතර ඔවුහු රත්මලාන ප්‍රධාන ශාඛාව ඉදිරිපිට උද්ඝෝෂණයක ද යෙදුණහ.

එම ශාඛාව ඉදිරිපිට කළු කොඩිවලින් ද සරසා තිබිණි.

වැඩ වර්ජනය සඳහා වෘත්තීය සමිති රැසක් සහභාගීවූ අතර තමනට ප්‍රසාද දීමනාව නිසි පරිදි නොලැබෙන්නේ නම් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ඔවුහු පැවසූහ.