ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවහන මණ්ඩලය පෞද්ගලීකරණය යටතේ විකුණා දමා වැඩි මිලට එම සමාගම්වලින් ජලය ලබා ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක වන බව ජල සම්පාදන මණ්ඩල සේවක සංගමයේ ලේකම් උපාලි රත්නායක මහතා අද (15) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ නිසා ජල ඒකකයකට රුපියල් 50ක් හෝ ඊට වැඩි මිලක් ජනතාවට ගෙවීමට සිදුවන බවත් ඔහු කීවේය.

