වැට් බදු සංශෝධනය නිසා ජලය, විදුලිය හා දුරකථන බිල් ගාස්තු කිසිම ආකාරයකින් වැඩි නොවන බව මුදල් අමාත්‍යංශය කියයි.
11%ක් වූ වැට් බද්ද 12.5% ක් සහ 8% ක් වශයෙන් වර්ගීකරණය කර ඇති තොග හා සිල්ලර වෙළඳාම මුළුමනින්ම වැට් බද්දෙන් නිදහස් කර ඇතැයිද මුදල් අමාත්‍යංශය පවසයි.
නළ ජල, විදුලිය හා විදුලි සංදේශ සේවා වැට් බද්දෙන් නිදහස් කර ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි. ජල විදුලිය හා විදුලි සංදේශ ගාස්තු වැඩිවෙතියි ඇතැමුන් කියන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවයක් නැතැයි මුදල් අමාත්‍යංශය අවධාරණය කරයි.

