ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති නීතීඥ උපුල් ජයසූරිය මහතා ලුහු බැඳ ගිය බව කියන පිරිස තවම හඳුනාගෙන නැතැයි ද, වීඩියෝ දර්ශන ඔස්සේ සැකකරුවන් හඳුනා ගැනීමට උත්සාහ කරන්නේයැයි ද කොළඹ අපරාධ කොට්ඨාසය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.
පැමිණිල්ල ජනවාරි 15 වැනි දා නැවත කැඳවීමට නියමිතය.

