‘ජයසුන්දර සමුළුවට ගියත් කතා කළේ නෑ‘


බෙල්ජියම් බ්‍රසල්ස් නුවරදී පැවැත්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත මොන්ටානා සමුළුවට සහභාගී වූ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා කිසිදු අවස්ථාවක එම සමුළුව අමතා නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

2013.10.25 වැනි දින ලංකාදීප එසැණ වෙබ් අඩවියේ පළ වූ පුවතක් ගැන කරුණු පැහැදිලි කරමින් ඒ මහතා එසේ කියයි.

පොලිස් දෙපාර්තමේන්තුව හා මහජනයා අතර මිතුරු සබඳතාවය වර්තමානයට වන විට ඉතාමත් දුර්වල තත්ත්වයක පත්වී ඇති බවට කිසිදු ප්‍රකාශයක් ජයසුන්දර මහතා කර නැතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි.