‘ජයලලිතා ජයරාම්ට අපි බය නෑ. මුහුදු සීමාව උල්ලංඝනය කරන ධීවරයන් අත්අඩංගුවට ගැනීම් නොකඩවා සිදුකරනවා. ධීවර ආම්පන්න ඇතුළු සියලුම ආම්පන්න රාජසන්තක කිරීමටත් කටයුතු කරනවා‘ යැයි ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා අද (29) ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේදී පැවසීය.
ජිනීවා යෝජනා වලින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා හිටපු ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදාව සුරක්ෂිත බවද ඇමැතිවරයා කීය.



