මියගිය තමිල්නාඩු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම්ගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.
ඇගේ ජනයාගේ මහත් ආදරයට ලක්වූ නායිකාවක් ලෙස ජයලලිතා හඳුන්වා ඇති ජනපති තමිල්නාඩු ජනතාවටත් ඇයට ආදරය කළ අයටත් තම ශෝකය පළ කරන බව කියයි.
මේ අතර තමිල්නාඩු මහ ඇමැතිනියගේ අභාවය පිළිබඳ තම දැඩි ශෝකය පළකරන බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක සටහන් කර ඇත. දෙමළ ජනයාගේ දුක්ගැනවිලි වෙනුවෙන් ඇය ප්‍රබල හඬක් නැගූ බව ඔහු සඳහන් කරයි.