‘ජය මංගලම් සුබ මංගලම් යුග ජීවිතේ වාසනා‘


පාර්ලිමේන්තු මන්ත්‍රී හා ඒකාබද්ධ විපක්ෂයේ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත් යදාමිණී ගුණවර්ධන සහ පළාත් සභා මන්ත්‍රිනී සමන්මළී සකලසූරිය   අද (14) යුගදිවියට එක්විය. උත්සවය කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.

අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයෝ රැසක් විවාහ උත්සවයට සහභාගී වූහ. දෙවැනි ගමන ලබන ඉරිදාට (17) පැවැත්වීමට නියමිතය.

2015 වසරේ දී මහනුවරදී පැවැති මහින්ද සුළගරැලියේ දී මේ දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය ඇරැඹුණු බව දේශපාලන ආරංචි කියයි.

සමන්මලී සකලසූරිය මෙනවිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සද්ධාතිස්ස සලකසූරිය මහතාගේ දියණිය යි. ඇය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධනගේ මහතාගේ ද ඥාති දියණිකි.

බොරළුගොඩ සිංහයා ලෙස විරුධාවලිය ලත් පිලිප් ගුණවර්ධන මහතාගේ මුණුබරකු වන යදාමිණී, දිනේෂ් ගුණවර්ධන මහතාගේ පෞද්ගලික ලේකම්වරයාය. සූරියමල් ව්‍යාපාරයේ නියමුවකු වූ පිලිප් මහතා  ඇන්.ඇම් කොල්වින්, බර්නාඩ්, ලෙස්ලි හා විලියම් වැනි වාමාංෂික නායකයන් සමග සිරබත් කෑ වාමාංශික නායකයෙකි.

පිලිප්ගේ මුණුබුරාද පිලිප් මෙන් ඇමෙරිකාවේ විස්කොන්සින් සරසවියේ අධ්‍යාපනය ලැබීය. ඔහු වේල්ස් සරසවියේ ද අධ්‍යාපනය ලැබීය. ඇමෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයයේ කෙනඩි පාසලේ විධායක අධ්‍යාපනය ලැබීය.

 

samanmali

 20160714_111748 20160714_112446