‘ජනාධිපති කොමිසමට ලැබුණු පැමිණිලි 1180 ක් විමර්ශනය කිරීම අනවශ්‍යයි‘ - අගමැති හෙළිකරයි


(ආරියරත්න රණබාහු)
 
බරපතල වංචා හා දූෂන ජනාධිපති කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිලි 1599න් පැමිණිලි 1180ක් විමර්ශනය කළ යුතු නැතැයි එම කොමිෂන් සභාව තිරණය කර ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය.
 
පැමිණිලි 49ක් විමර්ශනය කර අවසන් බවත් පැමිණිලි 158ක් අවසන් කිරීමට නියමිත බවත් අගමැතිවරයා කිවේය.
 
තවත් පැමිණිලි 400ක් විමර්ශනයට යොමු කර ඇති බව කී අගමැතිවරයා එම කොමිසමේ බලාත්මක කාලය ලබන සැප්තැම්බර් 03 දක්වා දීර්ඝ කරන බව ද පැවසීය.
 
වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අනුර කුමාර දිසානායක මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.