ජනපතිවරණ ප්‍රතිපල ප්‍රකාශයට පත් කරමින් තිබිය දී ජනවාරි අට වැනි දා රාත්‍රීයේ අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවක් සම්බන්ධයෙන් දැන් පරීක්ෂණයක් පැවැත්වෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (20) පුවත්පත් කතුවරුන් සමඟ පැවැති සාකච්ඡාවක දී කීවේය.
ජනාධිපතිවරණ ප්‍රතිඵල අත්හිටුවා ඇඳිරිනීතිය පැනවීමේ සැලැස්මක් තිබූ බව ද සිරිසේන මහතා පැවසීය.
අලුත් පාර්ලිමේන්තුව බොහෝ විට ලබන සැප්තැම්බරයේ රැස්වීමට ඉඩ ඇති බව ජනපති කීවේය.
දින සියයයේ රජය පොරොන්දු වූ බොහෝ දේ ඉටු කර ඇතැයි ද, ස්වාධීන කොමිෂන් සභා ළඟදීම පත් කරනු ඇතැයි ද ජනපති කීවේය.

