‘ජනයා මහින්දට වශී වෙලා‘


මීළඟ ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අති විශිෂ්ට ජයක් ලබතියි වරාය හා මහා මාර්ග ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා ඉතාලියේ මෝදනා නුවරදී ‘එසැණට‘ පැවසීය.

ජනාධිපති රාජපක්ෂ මහතා නැවත හැරී බලන රටට අදාරය කරන සංවේදී නායකයකු බවත්, ඔහු ප්‍රශ්නවලට විසඳුම් දෙන අයුරු යන කරුණු මත ජනතාව ඔහුට වශී වී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

‘මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු ඒ තැන ගන්නට සුදුසු තත් රාජපක්ෂ කෙනෙක් අපි හදනවා. ඔහුත් මහින්ද වගේම ජනතාවත් එක්ක ඉන්න පුළුවන් ජනතාවාදී සංවේදී නායකයෙක්. මේක මගේ පෞද්ගලික මතයයි.