පාර්ලිමේන්තුවේ තිබෙන්නේ සුළුතරයක් වුවත් රටේ ජනතාව අතර බහුතරය සිටින්නේ එක්සත් ජාතික පක්ෂය සමඟ බව මෙවර මැයි දිනියේ දී ඔප්පුවීයැයි එජාප මහ ලේකම් ඇමැති කබීර් හෂීම් මහතා අද සිරිකොතේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.
වත්මන් පාර්ලිමේන්තුව තුළ එම සැබෑ ජනමතය පෙන්නුම් නොකරන නිසා ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ජනමතය පිළිබිඹු වන පාර්ලිමේන්තුවක් පත් කර ගත යුතු යැයි ද මහලේකම්වරයා සඳහන් කළේය.
මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් සහිත 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් සම්මත කර ගත යුතු බව කී කබීර් හෂීම් මහතා නව ක්‍රමයක් යටතේ ඉක්මන් මැතිවරණයක් පැවැත්විය නොහැකි නම් පවතින ක්‍රමය යටතේ හෝ මැතිවරණය පැවැත්විය යුතු බව ද පැවසීය.


