‘ජනපතියි අමරදේවයි පිලේ පැදුර හේනෙන් කොළඹට ගෙනෙති‘


හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස සැලකෙන පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන්ගේ 88 වැනි උපන් දිනය නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සෙනසුරාදා (5) පැවැති ‘සසර වසන තුරු‘ අමරදේව ප්‍රණාම ගී හරසර වැඩසටහනේදී ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාද අමරදේවයන්ගේ ගීත දෙකක් ගැයීමට එක්විය.

එහිදී ජනපති අමරදේවයන්ගේ ජනප්‍රිය ගීත දෙකක් වන ‘පිලේ පැදුර හේනට අරගෙන යනවා..‘ සහ ‘ශාන්ත මේ රෑ යාමේ‘ යන ගීත දෙක ගායනා කළේය.

ජනපති හා අමරදේවයන් එක්ව පිලේ පැදුර ගීතය ගායනා කළ අතර අමදේවයන්, ඔහුගේ දරු දෙදෙනා ඇතුළු පවුලේ අය සමග එකතුවූ ජනපති ශාන්ත මේ රෑ යාමේ ගීතය ද ගායනා කළේය.

‘පිලේ පැදුර හේනට අරගෙන එනවා
එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා
රටා වියපු අත් දෙක මට සිහි වෙනවා
හිතේ දුකට එතකොට කවි කියවෙනවා

ඉර පායා ඉර අවරට ගියාදෝ
හඳ පායා හඳ අවරට ගියාදෝ
ඇඬූ කඳූළු මුහුදට එක් වුණාදෝ
ළමා ළපටි නෑනා කොයි ගියාදෝ

උඹේ කරට මල් මාලා ගොතන්නට
මදු මල් පිපෙනවා හේනේ වැට දිගට
උඹේ කටින් ගී සීපද අහන්නට
තවමත් ගිරවු එනවා පෙර පුරුද්දට‘

ශාන්ත මේ රෑ යාමේ එන්නා

කුමුදු මලේ සිරියා

සඳකාන්ති වැදී සෞම්‍යා

එයි නැගී හද ප්‍රේම තරංගා

මේ අමා දහරේ

නෙක තුරුළිය නැළවෙන්නේ

මේ සීතල මද පවනේ

හා අසේ වන කෝකිල ගීතේ

සෝක යාවී සිඳීලා

වෙසඟ මේ පුන් පොහෝදා

මා හිමි දිනූ ත්‍රෛලෝනා

මේ රැයේ ගීත ගයාලා

සුන්දර රඟ පාලා

අති සෝබන මේ උයනේ

අපි නැළවෙමු පෙම් දහරේ‘‘

amaradewa_201512601 amaradewa_201512602 amaradewa_201512603 amaradewa_201512604 amaradewa_201512605 amaradewa_201512606 amaradewa_201512607 amaradewa_201512608