‘ජනපතිට කියන්න‘ සේවාව ආරම්භ කර ගත වූ මාස දෙකේ දී 45,000ක් පමණ පැමිණිලි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිට වෙත යොමු වී ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ පුරවැසි අංශය පවසයි.
ජනාධිපති ලේකම් කාර්යලය විසින් සංවිධානය කරන ලද පුවත්පත් සාකච්ඡාවක දී මේ බව කියැවිණි.
ජනාධිපති අතිරේක ලේකම් එස් ටී කොඩිකාර මහතා සහ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහත්වරුන් පවසන්නේ 1919 වෙත පැමිණිලි 22,947ක් ලැබී ඇති බවයි.
තැපැල් මගින් ලැබී ඇති පැමිණිලි සංඛ්යාව 11,636කිග ඊමේල්ල ෆේස්බුක්, ජංගම දුරකතන මෘදුකාංග වැනි මාර්ග ඔස්සේ පැමිණිලි සංඛ්යාව 10,094කි.
ජනාධිපති අතිරේක ලේකම් එස් ටී කොඩිකාර මහතා පවසන්නේ මෙලෙස ලැබෙන පැමිණිලි පරිගණක මෘදුකාංග භාවිතා කරමින් අදාල අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන වෙත යොමු කරන බවයි. මේ සඳහා දැනටමත් සියලුම අමාත්‍යංශවල ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව පැමිණිලිල දුක්ගැනවිලි හා යෝජනා සම්බන්ධයෙන් සියළුම අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් හෙතෙම කීවේය.
ජනාධිපති කාර්යාලය පවසන්නේ දැනටටමත් පැමණිලි 1,062ක් විසඳා අවසන් බවයි. අදාල පිරික්සුම් කටයුතු ආරම්භ කර ඇති පැමිණිලි සංඛ්‍යාව 14,967ක් බවත් විසඳමින් පවතින පැමිණිලි සංඛ්‍යාව 1,062ක් බවත් පවසයි. ලැබී ඇති පැමිණිලිවලින් 923ක් විසඳිය නොහැකි පැමිණිලි බවත් ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි. මේ වනවිට පිරික්සුම් කටයුතු සඳහා ඉතිරිව ඇති පැමිණිලි සංඛ්යාව 19,624කි.

