‘ජනපති හේග් ගෙනියන්න දෙන්නෙත් නෑ‘


අන්තර්ජාතික යුද අධිකරණයක් හමුවට ලංකාවේ හමුදා සෙබළු මෙන්ම වත්මන් ජනපති ද ගෙන යෑමට කිසිම ඉඩක් නොතබන බවත්, උගත් පාඩම් කොමිසමේ සඳහන් පරිදි යුද අපරාධ සිදුවීදැයි සෙවිය යුත්තේ රට තුළ බවත් අතුරලියේ රතන හිමියෝ අද (22) තිඹිරිගස්යායේ පොදු අපේක්ෂක කාර්යාලයයේ මාධ්‍ය හමුවක දී පැවසූහ.

පොදු අපේක්ෂක සහ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් රජය ගෙන යතියි කියන බොරු ප්‍රචාර සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමට එම මාධ්‍ය සාකච්ඡාව කැඳවා තිබිණි.

‘මුලින්ම ආණ්ඩුව කිව්වා ජනාධිපතිවරණය විශාල ජයග්‍රහණයක් ලබන බව. ඊළඟට කිව්වා කොහොම හරි දිනනවා කියා. දැන් කියනවා පැරදුනත් ඉන්න බව. අදියරෙන් අදියර කියපු දේ වෙනස් වුණා. ‘ යැයි ද ඒ හිමියෝ පැවසූහ.

ඡන්දය මෙතරම් ගණනකින් දිනන බවට ඩලස් අලහප් පෙරුම මහතා පසුගිය පළාත් සභා මැතිවරණ කිහිපයක දී ම ප්‍රකාශ කළත් ඒ සියල්ල බොරු වූවා සේම මෙවර මැතිවරණයේ දී ද අලහප්පෙරුම මහතාගේ සංඛ්‍යාලේඛන බොරු වන බව හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා කීවේය.

රතන හිමියන් හා සේනාරත්න මහත්වරුන්ගේ කතා පහත වීඩියෝවලින්.

(වීඩියෝ සනත් ඩෙස්මන්)

IMG_20141222_114812 IMG_20141222_114825