‘ජනපති මෛත්‍රී ශ්‍රීලනිපයේ සභාපති කළා‘


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ සභාපතිකම හිමි විය යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බවත්, ඒ අනුව මධ්‍යම කාරක සභාවේ බහුතරය ඔහු ශ්‍රීලනිපයේ සභාපති ලෙස තෝරා පත් කර ගත් බවත් හිටපු ඇමැති විජිත් විජිතමුණි සොයිසා මහතා අද සවස මාධ්‍ය හමුවක දී කීවේය.

‘ශ්‍රීලනිපයේ සභාපති සහ ලේකම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණා. අපි සභාපතිට සහයෝගය දුන්නා. මැතිවරණයෙන් ඔහු පරාජයට පත්වී ලේකම් ජයග්‍රහණය කළා. පක්ෂ ව්‍යවස්ථාව අනුව දැන් පක්ෂ සභාපතිත්වය හිමි විය යුත්තේ ජයග්‍රහණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතාටයි.

ඔහුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කළ බව කිව්වත් එය නිසි ආකාරයට සිදුවී නැහැ. ඒ නිසා තවම පක්ෂයේ මහලේකම් ඔහුයි. ‘

පක්ෂයේ ලේකම් ලෙස දුමින්ද දිසානායක මහතාත්, සංවිධායක ලෙස ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාත් තෝරා පත් ගර ගත් බව එම මාධ්‍ය හමුවේ දී කියැවිණි.

හිටපු ඇමැතිවරුන් වන රෙජිනෝල්ඩ් කුරේ, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සරත් අමුණුගම ඇතුළු ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් ඊට එක්වූහ.