නාලක සංජීව දහනායක
තමන්ව ඝාතනය කිරීමේ උත්සාහය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දක්වන නිහඬතාවය සම්බන්ධයෙන් සැකයක් ඇතැයි එකාබද්ධ විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (19) පැවසීය.
රාජ්‍ය නායකයා ඝාතනය ගොදුරක් බවට පත්වූ සමාජයක සාමාන්‍ය පුරවැසියාගේ ඉරණම ගැන කතාකිරීමට දෙයක් නැතැයිද ඔහු කීය.
එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය පිළිබඳව හෙළිදරව් වී අදට දින අටක් වෙනවා. ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වේයැයි සමාජයේ කතාබහ වෙන වත්මන් ජනාධිපතිවරයා, අගමැතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඉලක්ක කරගනිමින් මෙම ඝාතන කුමන්ත‍්‍රණය ක‍්‍රියාත්මක වෙනවා. ඒ නම් තුනෙන් දෙන්නෙක් ඝාතනය කරන්න සැළැසුම් සකස් වෙනවා.
මෙම ඝාතන සැලැස්මේ මහමොළකරු ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයායි. ඔහු මෙම ඝාතන සැළැස්ම ක‍්‍රියාත්මක කරන්න පාතාලය සම්බන්ධ කර ගන්නවා. ඒ පාතලය පොලීසිය සමඟ සම්බන්ධ කරන්නේ පොලිස්පතිවරයායි. දැනට හෙළිදරව් වී ඇති ආකාරයට ඔවුන් මෙම සැලැස්මේ අරමුණ වී තිබෙන්නේ ජනාධිපතිවරයා දේශපාලනික වශයෙන් අවලංගු කරලා අගමැතිවරයාගේ ප‍්‍රතිරූපය පිම්බීමයි.
ඒකාබද්ධ විපක්‍ෂය බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (19) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.