‘ජනපති අන්දන්න එපා‘


පොදු ව්‍යාපාර පාර්ලිමේන්තු කාරක සභාවට සහ රාජ්‍ය ගිණුම් කාරක සභාවට සමාජිකයින් පත්කිරීමේදී  එකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට  බරපතල අසාධාරණයක් වු බව සන්ධාන මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අයවැය විවාදයේදී  ප්‍රකාශ කළේය.  

මෙම කාරක සභා දෙකෙහි සාමාජිකයන් ලෙස මන්ත්‍රීවරුන් විසිහතර දෙනෙකු නියෝජනය කළද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පනස් දෙනා අතුරින් ඊට  පත් කැර ගෙන ඇත්තේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු පමණක්  බවත්, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්  දහසය දෙනාගෙන් පස්දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීන් හයදෙනාගෙන් හතර දෙනෙකු බැගින් තෝරා ගෙන ඇති  බවත් ඔහු කීවේය.

අයවැයෙන් බණ්ඩාරනායක චින්තනය හෝ මෛත්‍රී චින්තනය පිළිබිඹු නොවන බවත් එය වික්‍රමසිංහ හා ජයවර්ධන චින්තනය පිළිබිඹුවන අයවැයක් බවත් කී මන්ත්‍රීවරයා ජනවාරි මාසයේදී ඉන්දිය අගමැති මෝදිට ඇන්දු ජනාධිපතිවරයා අන්දන්නට එජාපය සැරසෙතියි කීවේය.