‘ඡන්දෙන් පසු කුරුණෑගල ගැටුම් වැඩියි‘


උතුරු, මධ්‍යම හා වයඹ පළාත් සභා ඡන්දයෙන් පසු  මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැඩිවෙමින් පවතින බවත්, කුරුණෑගල දිස්ත්‍රික්කය ඉන් මුල් තැනක් ගන්නා බවත්, වැඩිම ගැටුම් සංඛ්‍යාවක් සංධාන ආධාරකරුවන් අතර බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) කියයි.

වයඹ ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් පහරදීම්වලට සහාය දක්වන බවට ද පැමිණිල්ලක් ලැබී ඇත.

මහනුවර පාතහේවාහැට තලාතුඔයේදී සන්ධාන ආධාරකරුවන් අතර ගැටුමක් බේරන්නට ගිය අගමැති දි මු ජයරත්න මහතාගේ නැගෙනියට හා ඇගේ පුතාට ද පහර දී ඇත.

නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා දේශපාලන පක්ෂ ප්‍රධානීන් වහා ඉදිරිපත් වී මේ තත්ත්වය සමනය නොකළහොත් එකම පක්ෂයේ සාමාජිකයන් අතර බරපතල ගැටුම් වර්ධනය වීමේ අවදානමක් ඇතැයි ද කැෆේ  සංවිධානය කියයි.