ඌව පළාත් සභාව විසිරැවීමට පෙර රජයේ වාහන සහ උපකරණ සියල්ල ලබන 12 වැනි දිනට පෙර පළාත් සභාවට බාර දී තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස ඌව පළාත් මහ අමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සිය ලේකම්වරුන්ට හා පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත අද කතරගමදී උපදෙස් දුන්නේය.
ඌව පළාත් සභා මැතිවරණය රටටම ආදර්ශයක් වන අයුරින් සාමකාමී මහත්මා දේශපාලනයක් කර පෙන්වීමට තමන් ක්‍රියා කරන බවත් ඌව පළාත් සභාවේ සිටිය සියලුම මන්ත්‍රීවරුන් හා අමාත්‍යවරුන් ද තම රථ වාහන ලබන 12 පෙර බාර දීමට නියෝග කරන බව ද පැවසීය.
ඌව පළාත් සභාව ලබන 11 හෝ 12 වැනි දිනට පෙර විසුරුවා හැරීමට ඉඩ කඩ ඇතැයි දැනගන්නට ඇත.

