අද සවස පහ වන විට ජනාධිපතිවරණය පිළිබඳ පැමිණිලි 328ක් වාර්තා වූ බවත්, ඉන් බහුතරයක් සුළු සිද්ධීන් බවත්, සමස්තයක් ලෙස ගත් කළ මැතිවරණය සාමකාමී බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ මහ ලේකම් කාර්යාලයයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී කීවේය.
මුල්ම තැපැල් ඡන්ද ප්‍රතිඵලය රාත්‍රී 10 පමණ වන විට නිකුත් කිරීමට හැකි වෙතියි අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළේය.
ඇතැම් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ලකුණු කිරීමට පෑන් වෙනුවට පැන්සල් තිබුණු බවට පැමිණිලි ලැබුණු බවත්, පැන්සලෙන් ඡන්දය ලකුණු කළත් එය වලංගු වන බවත්, ඒවා වෙනස් කිරීමට කිසිදු ඉඩක් නැති බවත් දේශප්‍රිය මහතා කීවේය.
ඡන්ද පෙට්ටි මාරු කිරීම යතියි පැතිර යන කටකතා බොරු නොව පට්ටපල් බොරු බව කී කොමසාරිස් ඒ ගැන කිසි බියක් ඇති කර නොගන්නා ලෙස ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියේය.
වීඩියෝ - දීපාල් සිල්වා

