‘ඡන්දය දුන් නොදුන් සියල්ලගේ ජීවිත යහපත් කරනවා‘


අපි සියලූ දෙනා ශ්‍රී ලාංකිකයන් යැයි ද අපිට ඡන්දයක් දුන් නොදුන් සියලූ දෙනාගේ ජීවිත යහපත් කිරීමත් ඔවුන්ගේ අනාගතය සුබදායක එකක් කිරීමත් අපගේ පරම වගකීම හා යුතුකම යැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද (7) පැවැසීය.
ශ්‍රී ලංකාව තවදුරටත් පහළ ආදායම් ලබන රටක් ලෙස තබාගත නොහැකි බවත්, ඉදිරියට යමින් ඉහළ ආදායම් ලබන රටක් බවට පත්විය යුතු බවත් අගමැතිවරයා පැවසූයේ කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ පැවැති ‘ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අරඹමිණි.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද සමුළුවේ පළමු දිනයට සහභාගී විය.

එහිදි අදහස් දැක් වූ අගමැතිවරයා ‘රටේ තරුණයන් සියලූ දෙනාට රැකියා තිබිය යුතුයි. තරුණයන් සියලූ දෙනාට ආදායම් තිබිය යුතුයි. ඔවුන් සියලූ අධ්‍යාපනයට, නිවාස, සෞඛ්‍යය ආදියට විශ්වීය ප‍්‍රවේශ වීමේ හැකියාව තිබිය යුතුයි. අපි කොහොමද මේ දේවල් කරන්නේ. සියලූ දෙනාම හොඳ ආදායම් ලබන බව අපි තහවුරු කළ යුතුයි. සියලූ දෙනාටම ප‍්‍රතිලාභ ලැබිය යුතුයි. සියලූ දෙනාම පාර්ශවකරුවෝ විය යුතුයි. ඉදිරියේදී ව්‍යවස්ථාව සම්මත වූවායින් පසුව මේ රටේ මිලියන එකහාමාරකට වැඩි පිරිසකට ඉඩම් අයිතිය ලබාදෙනවා. එවිට ඔවුන් එම ඉඩම්වල නිදහස් සින්නකර අයිතිය හිමි වෙනවා. ඔවුන්ට වගා කරන්න, නිවාස සංකීර්ණ තමන්ට කැමැති දෙයක් කිරීමේ හැකියාව ලැබෙනවා. ඔවුන් සියලූ දෙනා රටේ ආර්ථිකයේ පාර්ශවකරුවෝ බවට පත්වෙනවා. අපිට අභියෝග රැසක් තිබෙනවා. ඒ සියල්ල විසඳාගෙන අපි ඉදිරියට යා යුතුයි. පස්සට යන්න බැහැ.‘ යැයි ද කීවේය.

Ranil_201617-2 Ranil_201617-3 Ranil_201617-4