‘ඡන්ද මැෂිම පුස් කනවා : මැකෝ සල්ලි කනවා‘


ඕනෑම මැතිවරණයක දී ඡන්ද ගණන් කිරීම ආරම්භ කර පැය භාගයෙන් ප්‍රතිඵල කිව හැකි යන්ත්‍රයක් මොරටුව විශ්ව විද්‍යාලයයේ ආචාර්යවරුන් හා සිසුන් විසින් නිෂ්පාදනය කරනු ලැබ ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහණ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පිළියන්දල සමූපකාර ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයක දී පැවසීය.

එම යන්ත්‍රය මැතිවරණ සඳහා භාවිත නොකර මැතිවරණ කොමසාරිස්වරයා විශාල මුදලක් නාස්ති කරමින් සිටින බව ද ඇමැති වරයා කීවේය.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ එවැනි යන්ත්‍රයක් ගැන තමා නොදන්නා බවයි.  පවතින මැතිවරණ පනත අනුව එවැනි යන්ත්‍රයක් භාවිත කිරීමේ හැකියාවක් නැතැයි ද කොමසාරිස්වරයා කීවේය.

දැනට පවත්නා ඡන්ද ගණන් කිරීමේ ක්‍රමයේ වෙනසක් සිදු කිරීමට නම් මැතිවරණ පනත සංශෝධනය කළ යුතු බවත්, එම බලය ඇත්තේ ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවට බව නීති අංශවල මතයයි.