‘ඡන්ද ප්‍රචණ්ඩ ක්‍රියා 406ක්‘ - කැෆේ


ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රචණ්ඩක්‍රියා හා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම පිළිබඳ පැමිණිලි 406ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය කියයි. 

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ රැස්වීම් පැවැත්වීම් පැවැත්වීමට නියමිත සෙනසුරාදා (20) මහනුවර තෙල්දෙණිය විදුලිය විසන්ධි කොට ඇති බවත්,  ජාතික තරුණ සේවා සභාවේ සේවකයින් බලහත්කාරයෙන් එජනිස මැතිවරණ ව්‍යාපාරයේ යෙදවීමේ අවස්ථා ගණනාවක් පිළිබද පැමිණිළි ලැබුණු බවත් කැෆේ සංවිධානය පවසයි.

විහාරමහා දේවී උද්‍යානයේ පැවැති පොදු අපේක්ෂකගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ උළෙලේ දී විදුලිය විසන්ධි කර විදුලි උත්පාදන යන්ත්‍රයේ ද වයර කපා තිබුණු බවත්, බලධාරීන්ගෙන් අවසර ගෙන පැවැත්වූ එම උත්සවය කඩා කප්පල් කිරීමට පෙර දින රාත්‍රියේ සිට උත්සාහ ගෙන ඇති බවත් කැෆේ සංවිධානය සදහන් කරයි.