ඡන්ද නීති නොකඩන්නැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේය.
නාමයෝජනා බාර දීමෙන් පසු අපේකෂකයන් අමතමින් මැතිවරණට අදාළ දීර්ඝ විස්තරයක් ඔහු කියැවීය.
‘නාමයෝජනා කැඳවීමේ දැන්වීමට අනුව අද දින උදේ නවයේ සිට මේ මොහොත වන තෙක් කාලය තුළ දේශපාලන පක්ෂ 17ක් හා ස්වාධීන අපේක්ෂකයන් දෙදෙනකුගේ නාමයෝජනා මා වෙත ලැබී ඇත.
එම නාමයෝජනා ගැන මාගේ තීරණය දැනුම් දිය හැක්කේ පෙරවරු 11.30න් පසු විරෝධතා ගොනුකිරීමෙන් පසු හා ඒවා අධ්‍යයනය කිරීමෙන් පසුය.
අද දින සිට මැතිවරණ ප්‍රතිඵලය නිකුත් කරන තෙක් කාලය සක්‍රීය මැතිවරණ කාලය ලෙස සැලකිය යුතුය.
මේ කාලයේ මැතිවරණ නීතිය සක්‍රීය බව සියලු දෙනාගේ අවධානයට යොමු කිරීඹට කැමැත්තෙමි. මෙම කාල සීමාව තුළ අවසර ලත් පක්ෂ කාර්යාලතුල හැර, නාම පුවරු, අපේකෂකයාගේ නම්, අපේක්ෂකයන්ට වාසි ධජ පතාක ප්‍රවර්ධන වැකි, දැන්වීම් ස්ටිකර් ප්‍රදර්ශනය කළ නොහැකිය.
මහජන හෝ රථ පෙළපාලි පැවැත්වීම හෝ රැස්වීම් භූමියෙන් පිටත සැරසිලි කිරීම ද නීති විරෝධීය.
අපේක්ෂකයන් සහභාගී වන රැස්වීමවල දී පමණක් සාධාරණ දුරක් සැරසිලි කිරීමට මීට පෙර පක්ෂ ලේකම්වරුන් එකඟ වී ඇති නිසා මෙවරද එය ක්‍රියාත්මක වේ.
අනවසර ප්‍රචාරක පුවරු ප්‍රදර්ශනය කිරීම, නිසි බලය රහිතව වාහනවල ස්ටිකර ආදිය ප්‍රදර්ශනය කිරීම නීති විරෝධීය.
ඡන්ද නීති හා රටේ නීතිය ආරක්ෂා කරන ලෙස ආධාරකරුවන්ට දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
ජනාධිපතිවරයා පත් කර ගැනීමේ පනතේ තවත් බොහෝ දෑ ඇත. එම නීති රීති උල්ලංඝනය නොවන පරිදි කටයුතු කිරීමට සියලු දෙනාට වගීකම් ඇත. එම නීති ගැන සමාජ වෙබ් අඩවි ඇතුළු මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වෙමු.
විවිධ දේශපාලන පක්ෂවල ජාතික තලයේ දේශපාලනඥයන් තුළ හොඳ සම්බන්ධකම් තිබිය දී ප්‍රාදේශීය දේශපාලනඥයන් සම්බන්ධ වූ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන පැමිණිලි ලැබී ඇත. එය කණගාටු දායකය.
ඡන්ද නීතිවලට ගරු කරන ලෙස තමන්ගේ ආධාර කරුවන් දැනුම්වත් කරන්න.
දේශපාලන මතයක් දැරීමට හා එකී මතය ජයග්‍රහණය කිරීමට ඕනෑම පුද්ගලයකුට ඇති අයිතිය ඊට එරෙහි අනෙක් පුද්ගලයාට ද තිබේ. සාධාරණ මැතිවරණයක් සඳහා සියලුම ප්‍රචණ්ඩ ක්‍රියා වලින් වලකින්න.
අසත්‍ය හා වැරදි පුවත් ප්‍රචාරය කිරීම, එක් අපේකෂකයකුට වාසි ලෙස අතවත් අපෙක්ෂකයකුට අවාසි ලෙස පුවත් පළ සහ පක්ෂග්‍රාහී පුවත් පලකිරීමේ රාජ්‍ය මාධ්‍ය ඇතුළු සියලු මාධ්‍ය වැලකිය යුතුය.
ජනමාධ්‍යවල ක්‍රියාකාරීත්වය අද දින සිට සමීපව නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වෙමි.
රජයේ නිලධාරීන් රාජකාරි වේලාවල දී දේශපාලන කටයුතු වල යෙදීමෙන් හෝ රජයේ දේපල ඒ සඳහා යොදා ගැනීමෙන් වැලකිය යුතුය.
එමෙන්ම දේශපාලන පක්ෂවල හෝ අපේකෂකයන්ගේ ප්‍රචාරක රැලි සඳහා රැස්වීම් ශාලා, පිට්ටනි වෙන් කර දීමේ දී කිසිදු අපේක්ෂකයකුට විශේෂත්වයක් නොවන පරිදි හා කිසිදු අපේකෂකයකුට අසාධාරණයක් නොවන පරිදි කටයුතු කළ යුතුය.
ඕනෑම ඡන්ද විමසීමක දී වඩාත්ම විවේචනයට ලක් වන්නේ මැතිවරණ දෙපාර්තමේන්තුව හා පොලිස් දෙපාර්තමේන්තුවයි. එසේ වුවද පොලිස්පති ද, අති මහත් බහුතරයක් නිලධාරී ද ඡන්ද නීතිය හා රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට වෙහෙසෙමින් සිටිති. එම ගෞරවනීය නිලධාරීන්ට අපේක් ස්තුතිය පිරි නැමේ.
ඡන්දය පිවිච්චි කිරීම සඳහා ඡන්ද හිමි නාමලේකනයේ නම ඇතුළත් වීම පමණක් ප්‍රමාණවත් නැත. ජාතික හැදුනුම්ත පත හෝ නියම කර ඇති වලංගු හැදුනුම්පතක් අවශ්‍යය. එම හැදුනුම් පතක් නැත්නම් මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් සහතික කර ගත හැකිය.
ඡන්ද විමසීම දින උදෑසනින්ම ඔබේ කැමත්ත අනුව ඡන්දය පාවිච්චි කරන්න.‘



