‘ඡන්ද තියන දවස් කියන්න කාටවත් බලයක් නෑ‘


විෂය භාර ඇමැතිවරයාට, ජනපතිට, මැතිවරණ කොමිෂන් සභාවට, නක්ෂත්‍රකරුවකුට, මාධ්‍ය ආයතනයකට හෝ වෙනත් කිසිම කෙනකුට ඡන්දය පැවැත්වෙන දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ කිසිදු බලයක් නැතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අද (3) රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘ඕනෑ නම් ජනාධිපතිවරණයක් ගැන කියන්න පුළුවන්. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම තියන්නේ කොහොමද කවදද කියලා දැන් කියනවා. මේ ඡන්දය තැබීමේ බලය පනතේ සඳහන්ව ඇත්තේ කාලසීමාව අවසන් වීමට හය මසකට පෙර මැතිවරණ කොමසාරිස්වරයා හෝ කොමිෂන් සභාව කියන්න ඕන කියලා.‘ යැයිද දේශප්‍රිය මහතා කීවේය.

මේ අතර වත්කම් බැරකම් ලබානොදෙන අපේක්ෂකයන්ට දඬුවමක් ලෙස ටික කලකට ප්‍රජා අයිතිය අහෝස කිරීමේ නීති සකස් කිරීමට යෝජනා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

maco_20163391-2 maco_20163391-3