‘ඡන්ද අයිතිය ඉල්ලා අද හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා’


(සුජිත් හේවාජූලිගේ)

 

ජනතාවගේ ඡන්ද අයිතිය ඉල්ලා තමා අද හෙටම ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. ඇල්. පීරිස් මහතා පැවැසීය.

මහාචාර්යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී අද (17) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.

එහිදී මහාචාර්ය ජී. ඇල්. පීරිස් මහතා මෙසේ ද කීවේය.

“අද ආණ්ඩුවට ඕන මැතිවරණ දිගින් දිගටම කල් දාන්නයි. ඒ ගැන මැතිවරණ කොමිසමත් නිහඬයි. අද අපට වෙන කාගෙවත් පිහිටක් නැහැ. ඒනිසා මැතිවරණ ඉල්ලලා අප ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. අද අපට තියෙන එකම පිහිට උත්තරීතර අධිකරණයයි. අපි ඉස්සෙල්ලාම කරන්න ඕන මැතිවරණ ප්‍රමාදයකින් තොරව පවත්වන්න කියන ඉල්ලීමයි. මම ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති විදියටයි. රටේ පුරවැසියකු විදියටයි.