විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, සබරගමු පළාත් සභා මන්ත්‍රී අරුණ නිලන්ත ජයසිංහ සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති වජිර දර්ශන ද සිල්වා යන තිදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදරිපත් කරන ලෙස පැල්මඩුල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා අද (05) නියෝග කළේය.
ජනාධිපති අපේකෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැස්වීමක සැරසිලි කරමින් සිටි පිරිසකට වෙඩිතැබීම, තිදෙනෙකුට තුවාල සිදුකිරිම, සැරසිලි කඩා දැමීම සම්බනධයෙන් කහවත්ත පොලිසියට ලද පැමිණිල්ලක් සම්බනධයෙන් අධිකරණයට කරුණු වාර්තාකළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.
එසේම සැකකරුවන්ට රටින් පිටවීම ද තහනම් කළ මහේස්ත්‍රාත්වරයා ඒ බව ආගමන විගමන දෙපාර්තමේන්තුවට දන්වා යැවීමටද නියම කලේය.
කහවත්ත නගරයේ දි අද (05) අලූයම දෙකට පමණ සිදුවු වෙඩි තැබීමකින් කරුණාදාස වීරසිංහ, ශාන්ත දොඩම්ගොඩ සහ තවත් එක් පුද්ගලයෙක් තුවාල ලදහ. නියෝජ්‍ය අමාත්‍යවරයා, පළාත් සභා මන්ත්‍රීවරයා සහ ප්‍රාදේශීය සභා සභාපතිවරයා තවත් පිරිසක් ද සමග වාහන කිහිපයකින් පැමිණ අලූයම දෙකට පමණ මෙම වෙඩි තැබීම කර ඇතිබව පොලිසිය අධිකරනයට කරුණු දැන්වීය.
වෙඩිපහරට ලක්වූ ශාන්ත දොඩම්ගොඩ යන අයගේ තත්ත්වය බරපතල බවද පොලීසිය අධිකරණයට දැන්වීය. කහවත්ත පොලිසිය මේ සම්බනධයෙන් පරීකෂණ පවත්වයි.

