විධායක ජනාධිපතිධූරය අහෝසි කරන මුවාවෙන් චොක්ලට් දවටනයක ඔතා ගෙනෙන්නට යන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විෂකුරු බෝල ඇතුළත් කිරීමට රජය උත්සාහ කළොත් ඊට ඉඩ නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රටට නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ඇතත් එක්සත් ජාතික පක්‍ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ හවුල් ආණ්ඩුව ගෙන ඒමට යන ව්‍යවස්ථාව රටේ ඉදිරි සමාජීය හා ආර්ථික අව්‍යශතාවන්ට සරිලන අයුරින් ගෙනෙතියි විශ්වාසයක් තැබිය නොහැකි බව ද ජවිපෙ නායක කීවේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පක්‍ෂනායක රැුස්වීම්වලදී හැසිරෙන්නේ සියලූ මන්ත‍්‍රීවරුන්ට සාධාරණය ඉටුවන ආකාරයෙන් නොව බලහත්කාරී හා අත්තනෝමතික අයුරින් බව කී දිසානායක මහතා කෙසේ වෙතත් රටට අවශ්‍ය ආකාරයේ ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම ස`දහා හැකි උපරිම අයුරින් කටයුතු කරන බව ද කීවේය.
විපක්‍ෂයේ අය පසුගිය කාලයේ තමන් අතින් සිදුවූ වැරදි හා දූෂණ වසා ගන්නටත්, ආණ්ඩුව තම නොහැකියාව වසා ගන්නටත් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නැමති කඩමල්ල උපයෝගී කරගනිමින් සිටින බව ද කී ජවිපෙ නායකයා ජනතාව ඒ බව තේරුම් ගත යුතු යැයි ස`දහන් කළේය.
ජවිපෙ නායකයා මේ බව පැවසුවේ බත්තරමුල්ල, පැලවත්තේ පක්‍ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.



