‘චුන්නාකම් ප්‍රහාරකයන්ට නීතිය තදින් ක්‍රියාත්මක කළ යුතුයි‘


යාපනයේ චුන්නාකම්හි දී සිවිල් ඇදුමින් සිටි බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙකුට එල්ල වූ ප්‍රහාරය හා විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනාගේ මරණය එකිනෙක සම්බන්ධ කර නොගන්නා ලෙස රජයෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටින බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් මහතා සහ ඊපීආර් එල් එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහත්වරු පැවසූහ.

චුන්නාකම්හිදී පොලිසියේ දෙදෙනාට පහර දුන් පිරිසට නීතිය ක්‍රියාත්මක කර දඩුවම් පමුණුවන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.

සිවාජලිංගම් මහතා සහ ප්‍රේමචන්ද්‍රන් මහතා එම අදහස් පළ කළේ යාපනය ජනමාධ්‍ය කේන්ද්‍රයේ අද (23) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම සිදුවීමේ දෙක එකිනෙක සම්බන්ධ බවට පැතිර යන කතාවල සත්‍යතාවක් නැතැයි ද, එලෙස පතුරුවන්නට එපා යැයි ඉල්ලා සිටින්නේයැයි ද දකුණේ ජනයාගෙන් ඉල්ලා සිටින බව ද ඔවුහු කීහ.